Thursday, July 12, 2012


ඉංග්‍රීසි සහ අපේ දෛවය....




මං මුලින්ම Class එකට ඇතුලත් වෙන්න ගිය දවසේ මගේම වාසනාවට (වාසනාව කොච්චරද කියනවනං මූ මට මුලින්ම Set උනෙත් නුගේගොඩ වලියකට ගිහින්) අසංගයා Set උනා. මූ මට කිව්වා "මචං මගේ දවසටම Class දාගනින්, නැත්තං කම්මැලී බං" කියලා. ඕං ඉතින් දාගත්තා කියමුකො, ඊට පස්සෙ තමා හොදම ටික. පළවෙනි දවසේ ඕං ගියා Class එකට අසංගයත් එක්ක.Class එක හොයාගෙන හොයාගෙන යනකොට පැය භාගයක් පරක්කු වෙලා. කෙල්ලො එක Side එකක, කොල්ලො එක Side එකක. කණ්නාඩ් දාපු Teacher කෙනෙක් අම්බානට කොල්ලො කෙල්ලොන්ගේ කඩ්ඩ Polish කරනවා. (අපි පස්සේ  Teacher Card එක දැම්මේIs that Clear” කියලා. හැමදේම කියලා අන්තිමට ඕක තම අහන්නේ. අපි ඉතින් Clear Teacher කියලා කිව්වම, ගෑණිට හෙන Happy) අසංගයා Excuse පාරක් දැම්මා, මේන් මෙකි මොකද්ද අහනවා කඩ්ඩෙන්..හුටා දැන් ඉතින් මොකක් හරි කියන්නත් එපැයි. අපිත් ඇරියේ නෑ, අසංගයයි මමයි දන්න විදියට කඩ්ඩෙන් ඇරලා දැම්මා. Teacher ටිකක් වෙලා බලන් ඉදලා, හිනාවක් දාලා කොල්ලොන්ගේ Side එකේ අන්තිම පේලිය පෙන්නලා කිව්වා වාඩ්වෙන්න කියලා (එක තේරුනේ Seat පෙන්නලා කියපු නිසා.නැත්තං අපි තාම එතන හිටගෙන). ගිහිල්ලා වාඩි උනහම එතන හිටියේ කෙට්ටු Dial එකක් (අපේ Scooby-Doo Shaggyයා). හොදට හිනාවෙලා "වාඩිවෙයන් මචං" කිව්වා. ඉතින් අපි ඔහොම වාඩිවෙලා ඉන්නවා, Teacher කඩ්ඩෙන් බෙරිහන් දෙනවා. අපිත් තේරෙනවා වගේ ඔලුව වන වන අහන් ඉන්නවා.

ඔන්න ඊට පස්සේ දවස, එදා අසංගයා නෑ.අවුලක් නෑ Shaggy ඉන්නවනේ කියල හිතං මාත් ගියා. ඉස්සරහ පේලියේ ඉඩ තිබිලත් මම අන්තිම පේලියේ ඉදගත්තා.මොකද Teacher කියපු විදියට ඉන්න එපැයි. අද තව එකෙක් මගේ එහා පැත්තේ.ඌ තමා බණ්ඩා. ඌත් මාත් එක්ක හොදට සෙට් උනා. තාම Shaggy නෑ. Class පටන් අරන් පැයකට විතර පස්සේ Shaggy එනවා කලිසම උස්ස උස්ස (ඌ අදින්නේ ලොකුවට මොකද උගේ ඇග දැක්කම කෙල්ලො කෑ ගගහ අඩනවලු). ඇවිල්ලා අපේ ලගින් වාඩිවුනා. ඔන්න ඉතින් අපි වැඩ. බණ්ඩා Rent-a-Car කොම්පැනියක් කරනවා. ඉතින් ඌට අම්බානට Calls එනවා. එතකොට ඌ පු‍ටුව යට රිංගගෙන ඒවට උත්තර දෙනවා.  Shaggyයා පොතේ පිටිපස්සේ ඉදලා ඉස්සරහට කලු ලෑල්ලේ තියන ඒවා ලියනවා.අන්තිමට මගෙන් අහනවා මොනවද බං මේකි මේ ලියන්නේ කියලා. මට ඉතින් ඕවට උත්තර දෙන්න දන්නව නං ආයේ පිස්සුවටයෑ උන් එක්ක ඔතන වාඩිවෙලා ඉන්නේ.

දැන් Interval එක. තුන්දෙනාට අම්බානට බඩගිනි. සල්ලිත් නෑ. සල්ලි තියෙනව මනුස්සයෙක් කන තරමට කන්න. අපි ඉතින් කන්න ගියාම දන්නවනේ. බණ්ඩා කිව්වා "වරෙන් බං Canteen එක පත්තේ රවුමක් දාලා එමු" කියලා. අපිත් ඕං ගියා කියමුකො. Canteen එකේ කවුලුවකින් තමා කෑම දෙන්නේ. කොල්ලො මීමැස්සෝ වගේ කවුලුවේ එල්ලිලා. මං බණ්ඩටයි Shaggyටයි කිව්වා උබලා පොඩ්ඩක් ඔහොම ඉදින්කො කියලා. ගියා කවුලුව ගාවට, මාත් ඉතින් රගපාන්න දන්නෙම නෑනේ. එතන හිටපු එකෙක් මාලුපාන් 2යි Rolls 3යි අරන් යනවා මං දැක්කා. ඌ ගිහිල්ලා ඉවරනේ, දැන් මගේ වාරේ. කවුලුවේ එල්ලිලා කෑගහනවා "අයියා මාලුපාන් 2යි Rolls 3යි දෙන්නකෝ ඉක්මනට Class පටන් ගන්න යන්නෙ" කියලා. මං ඉතින් පලංචියක් වගේ උසයිනේ, හොදට කැපිලා පේනවා. මූ ටක්ගාලා මට බඩු දුන්නා. "කෝ සල්ලී දෙන්න මල්ලී" කිවුවා. "ඇයි අයියා 100 දුන්නේ, මගේ ඉතුරු දෙන්න" කියල මං කිව්වා. "ආ....මෙන්න" කියලා මූ මට රුපියල් 25 ඉතුරු දුන්නා. මූට හෙනගහන්න එපැයි යකෝ.එකක් රුපියල් 15ක්.(පස්සේ දැනගත්තේ, මලාට කාපු තැනක්යෑ). හැබැයි අත උඩින් ලාබයි. කන්නත් දීලා, සල්ලිත් දෙන්නේ කව්ද බං? අරුන් දෙන්නා මට බැන බැන කනවා.

ඊට පස්සේ සතිය, අසංගයා ඉන්නවා බණ්ඩා නෑ....... බණ්ඩා ඉන්නවා අසංගයා නෑ.......ඔහොම ඔහොම හරියටම මාසෙකට පස්සේ තමා බණ්ඩයි අසංගයි Set වුනේ. ඔන්න දැන් හරියටම හරි.හතර දෙනාම තකට තක. ඊට පස්සේ Class යන්නේ උදෙන්ම.වෙන එහෙකට නෙමේ, සිංදු කියන්නයි කෙල්ලොන්ට කිංඩි දාන්නයි.

English diploma Class එක නිසා මුල ඉදලම තමා කියලා දෙන්නේ. හරියට Nursery එක වගේ. ඔන්න දැන් දවසක් My self ගැන කියන්න ඕන. කොල්ලො කෙල්ලොන්ව නැගිට්ටවලා කියන්න කියනවා. ඕක ඉතින් මහලොකු දෙයක්යෑ. වාසනා කියල කෙල්ලෙක් හිටියා (අමා නාට්යයේ අමාගේ නංගිට ඉන්නේ ආං ළමයා), ඔන්න ඉතින් නැගිටලා කියනවා My self ගැන. මේකි කියනවා My father working in Japan කියලා. අපි හතර දෙනාට බකස් ගාලා හිනාගියා. (ඇයි යකෝ තාත්තා Japan නං උබ මොන මගුලකටද English ඉගෙන ගන්නේ, Japan ඉගෙන ගනින්කෝ). කොහොම හරි අපේ පේලිය ලගට එනකොට period එක ඉවරයි.(දවසට teachersලා හතර දෙනෙක් උගන්නනවා). එදා අපි ගොඩ.

ඔන්න තව දවසක් ගියහම කෙල්ලෝ මල් එහෙම ගෙනල්ලා වැටි වැටි Teacherට වදිනවා. අපිට දැන් හෙන ප්‍රශ්ණයක්. මොකද්ද කියල අහන්නත් බෑනේ. නෝන්ඩි වෙන්න පුලුවන්ද ඔහොමත් කියලා. මං අපේ වුන්ට කිව්වා Sure එකට මචං Teacherගේ Birth day එක, අපි නැගිටලා හයියෙන් wish කරමු කියලා. හතර දෙනාම නැගිටලා එක පාරටම “Happy Birthday Teacher” කියල කිව්වා. Teacherට හෙන ගැහුව වගේ. Teacher කියපිනෑ නෑ Boys අද මගේ Birthday එක නෙමේ, අද Teachers day” කියලා. හුටා...අන්තිමට හෙනගැහුවේ අපිටනේ යකෝ.දුවලා ගිහිල්ලා කකුල් දෙක අල්ලලා වැදලා ආයිත් ඇවිල්ලා සද්ද නැතුව වාඩිවුනා. අරුන් තුන්දෙනා එදා මගේ පලු ඇරියා. එකට තමා කියන්නේ වදින්න ගිය දේවාලෙට ගොනා ඇණලා ගහෙන් වැ‍ටුන මිනිහට දේවාලේ වැන්දා වගේ කියලා.

දැන් අනිත් සතිය. තව Sir කාරයෙක් හිටියා. පොර හුණු කෑල්ල අල්ලන්නේ අතට Glows එකක් එහෙම දාලා. ඌට හුණු Allergic. මූ කිව්වා ඊලග සතියේ එනකොට Trip එකක් ගිහිල්ලා ලබපු අත්දැකීම් ලියාගෙන එන්න කියලා. ඊලග සතියේ උදේ Class එකේදි කෑ ගහල නෝන්ඩි වෙලා අපි හතර දෙනාව Is that Clear (Teacher)කෙල්ලො ඉන්න පැත්තේ අන්තිම පේලියට දැම්මා. මාර නෝන්ඩිය. සිල්ගත්ත පූස් පැටව් වගේ. එදා තමා අපිට නදී, හර්ශි, අචිනි Set වුනේ. (Set වුනා කියන්නේ යාලුවෝ විදියට. නැතුව ඉතින් මුන් එක්ක Love කරනවට වඩා හොදයි දෙමටගොඩින් කෝච්චියට බෙල්ල තියනවා). හැබැයි බොරු කියන්න ඕන නෑ හොද කෙල්ලෝ ටික. මොකද උන්ගේ Notes අපි Photo copy ගහනවනේ. ඔන්න දැන් අර Sir කාරයගේ වෙලාව (අපේ රාහුකාලය). අපි මෙලෝ හසරක් ලියලා නෑ. එක එක තැනින් නැගිට්ටවලා සද්දෙට කියවන්න කියනවා. යකෝ හිස්පි‍ටු දිහා බලාගෙන මොන මගුලක් කියවන්නද? Shaggyට නැගිටින්න කිව්වා. මූට තරු පේන්න ඇති. ඉස්සරහ හර්ශිගේ පොත ඇදලා අරන් මූ නැගිට්ටා. හර්ශි මුගේ කලිසමෙන් අදිනවා. මූ එකත් උස්ස උස්ස දැන් කියවනවා. අමාරුවෙන් ගොත ගගහ කියවනවා. කොහොම හරි එක තැනක් මූට කෙලවුනා. දැන් මූ හෙන Try එක ඒක කියවන්න. මූ එක පාරටම හර්ශිගෙන් පොත පෙන්නලා අහපි "මොකද්ද බං මේ ලියලා තියෙන්නේ" කියලා. මුලු Class එකේම උන්ට හිනා. Sir කාරයට මලපැනලා අපි ලගට ආවා. හතර දෙනාගෙම පොත් අරන් බැලුවම මෙලෝ හසරක් නෑ. එවෙලේ ඌටත් English අමතක උනා. "පලයල්ලා යන්න එලියට" කියලා හතර දෙනාවම එලෙව්වා. අපි කියන පරක්කුවෙන් එලියේ. එලියට ඇවිල්ලා බඩ අල්ලන් හිනාවෙලා Class ඉවර උනහම ගෙදර ගියා. ඊලග සතියේ ගිහිල්ලා සමාව අරන් අයෙත් Class එකට ගියා Notes එහෙම Complete කරගෙන.

ඔය වගේ තව ගොඩාක් දෙවල් තියෙනවා, ලියන්න පුලුවන් ඇඩෙනකම්. ඒවා පස්සේ ලියනවා කියලා හිතුනා.කොහොම උනත් අපේ Set එක අදටත් එකා වගේ ඉන්නවා. තම තමන්ගේ අලුත් සාමාජිකයන්වත් අපි ආදරයෙන් පිළිගන්නවා අපේ හදපතුලෙන්ම. පුලුවන් පුලුවන් වෙලාවට Set වෙනවා.අපේ ඒ බැදීම මැරෙනකම්ම තියෙයි කියලා හිතනවා. මොකද සේරම උන්ගේ හිත් හොදයි, කිසිම කහටක් නෑ.

ඒ වගේම හැමෝටම පිස්සුනේ. කවදාවත් පිස්සෝ තරහ වෙන්නේ නෑ එකෙන්ම.