Monday, October 29, 2012


අපි ආසම "ලව"



අපිට ජීවිතේ ලැබුන දේවල්නොලැබුන දේවල් ගැන කතා කරන්න ගියහම හැමෝගෙම ඔලුවට එකවර එන පොදු දේ තමා "ලව්කරන එකදැන් ඔන්න කට්ටියක් කියනවලු "බම්බුව" කියලා.  කියන වුන් තාම "ලව් යායේදළු නෙලන්න අවසර පත්රය ලැබුනේ නැති වාසනාවන්ත එවුන්. (වාසනාවන්ත කියලාමං නිකන් කටට ආවට කිවුවේ).හැබැයි ඉතින් ඔන්න දැන් කසාද බැදපු අයගේ අදහස් වෙනස්එයාලා ලැබුන දේවල් නොලැබුන දේවල් ගොන්නට "ලවගාව ගන්නේ නෑඅත්වැල් අල්ලාගෙන කල්පනා කරනවා,"අපිට ගේ කෑල්ලක් තිබ්බනම්කියලා.ගොඩාක් වෙලාවට මෙහෙම හිතෙන දේ හිතන විදියටම කියන්නේ පිරිමි පාර්ශවයගැහැණු පාර්ශවය "ගේ කෑල්ලක් කියලා හිතුවොත්ඇත්තටම හිතේ තියෙන්නේ කාමර 3 විතර හුරුබුහුටි ටයිල් කරපු තට්ටු දෙකේ ගෙයක්ඒවට වැඩිය කලබල වෙන්න දෙයක් නෑඒක අපි ආසම ගෑණු ගතිය.

ඉස්කෝලේ යන කාලේ ලව් කරන්න ගත්තම හරි හරි වැඩ නොවැ වෙන්නේකෙල්ලෙක් දැකලා ඒකට Try කරන්න  කෙල්ලගේ යාලුවගෙන් උදව් ගන්නවාපස්සේ නතර වෙන්නේ යාලුවව කසාද බැදලාඑහෙම කරපු සෑහෙන උපාසක බළල්ලු මගේ වටේට ඉන්නවාමටත් උනේ ඊට සමාන එකක් උනාටඅන්තිමට අපිට උදව්කලේ මං මුලින් Try කරපු කෙල්ල නොවැබලන්නකො එකෙත් හැටි. කරගත්ත කුසල කර්මය හේතු කොටගෙන  අසරණීට හොද කොල්ලෙක් ලැබේවා කියලා ප්රාර්ථනා කරනවා.

දැන් කාලේ කොල්ලො කෙල්ලො Facebook එකකට වහ වැටිලාකොම්පූටරේම එල්ලිලා ඉන්නේ හරියට වවුලෝ වගේඋන් හිතන්නේ ඒක තමයි ජීවිතේ සියලු අවශ්යතා අත්පත් කර දෙන ටු දෙවියො කියලා.දැන් කොල්ලො දන්නේ නෑකෙල්ල එනකල් Tuition පංති ලග චාටර් කන එකත් එක්තරා සැපක් කියලා.කෙල්ලොත් තුන්ඩු කැල්ලක් යවනවා වෙනුවට Status Update කරනවලුනේFacebook එකේ වශී වෙන Photo Update කරලා තියෙන කෙල්ලෝඇත්තට දැක්කම බත්කන බල්ලොත් වහකනවලුහොදම වැඩේ කියන්නේ කෙල්ලො වගේ ඉදලා තියෙන්නේ කොල්ලො කියන්නේ. පව්නේ.....?

සමහරු ජීවිතේ සමහර තීරණ ගන්නේ ටිකක් කලින්කලින් කියලා දන්නේ ටිකක් කල් ගියාමනැතුව කරන්න කලින් අම්මලා තාත්තලා කියන ඒවා අහල එහෙම නෙමේහැබැයි ඉතින් ඒකත් ක්රිකට් වගේ තමාවිකට් එක බේරගෙන ඉන්න පුලුවන්නං Run Rate එක ගැන ප්රශ්ණයක් නෑ. මොකද අන්තිම Overs ටිකේ ලෙලි අරින්න පුලුවන්එහෙම කිවුවේ අවසාන කාලේ කසාද ගෑණිව ලෙලි අරින එකට එහෙම නෙමෙයි හොදේ.

සමහර පොරවල් කියනවා "ලව් කරලා කාටද බං හරි ගියේකියලාබලන්න බැරිය ඉතිං වුන් ලව් කරන්න ගත්තමබංකුවක්පදුරක් පෙන්න බෑමල් කඩන්නේ ෂොපින් උර වලට නෙමේලොරි වලටකැලේ මාරු උනාට සිංහ නාදය එමමයි කියන ගොඩාක් අයකැලේට වහවැටිලා දනින් වැටෙනවලු. අයියෝ සල්ලී. (මේ වචන කැත නෑ බොලඋබලගේ හිත් කැත)

අපේ ආච්චිලා සීයලා ලව් කරපු විදියට මෙලෝ යකෙක් ලව් කොරලා නෑ අපේ මුලු පරම්පරාවටම. කොච්චර ලව් කරාද කියනවනං සීයගේ දත් කුට්ටම තාම ආච්චි ලග. සීයා නැතිවෙලා දැන් අවුරුදු හතකටත් කිට්ටු වෙන්න ලගයි. සීයගේ උපන්දිනේ දවසට දත් කුට්ටමට හාද්දක් දෙනවලු. ආච්චි මලාම සීයගේ දත් කුට්ටම එයාගේ පෙට්ටියටම දාන්නලු. මං හිතන්නේ ස්වර්ගෙදී Meet වෙලා දෙන්නා හොද බුලත් විටක් හපන්න ලෑස්තිය.

කොහොම කොහොම හරි කියනවනං "ලව" කියන්නේ මාර ආතල් එකක්. කටපාඩම් වලංගු නැති ප්රායෝගික ක්රියාකාරකම් පමණක් ප්රතිග්රහණය කරන අමුතුම පාඨමාලාවක්. නොකරපු උන් කොරලා බලාපල්ලා රගේකොරන වුන් අකුරක් නෑර හදාරලා Final ගොඩදාගනිල්ලා. උඔලට අයියානායක දෙවිපිහිටයි...







No comments: